චන්දිමාල් වෙනුවට අලුත් නායකයෙක්

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එළැඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට නව නායකයෙකු යොදාගැනීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. ඒ චන්දිමාල්ට විවේකයක් ලබාදීමේ අරමුණෙනි.

පසුගියදා නිමාවූ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඉනිම 4කදී ඔහු ලබාගත් වැඩිම ලකුණූ ප‍්‍රමාණය වුයේ 15කි. ඒ ඔහු අංක 3 පිතිකරුවා ලෙස කී‍්‍රඩා කරමිනි. එහෙත් එම ස්ථානයේ ඔහු අසාර්ථක බව එම වාර්තා නිරීක්ෂණයේදී පෙනී යයි.

එසේ වුවහොත් දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය උපනායක දිමුත් කරුණාරත්නට හිමිවීමට වැඩි ඉඩකඩක් පවතී. මේ අතර පසුගියදා ආබාධයට ලක්වූ ඇන්ජලෝ මැත්ව්ස්ද තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here