චන්දිගේ ත්‍රිත්ව ශතකය වාර්තාවකට පාර කියයි

අන්තර් සමාජ ක්‍රිකට් තරගවලදී දේශීය පිටියේ එක් ඉනිමකදී ක්‍රීඩකයකූ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට යුධ හමුදා කණ්ඩායමේ දිනේෂ් චනදිමාල් ඊයේ (26) සමත්විය.

ඒ අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ   සැරසන්ස් කණ්ඩායම සමග  පැවැති තරගය අතරතුරදී දිනේෂ් චනදිමාල් විසින් නොදැවී ලකුණු 354ක් රැස්කිරීමත් සමගිනි. පන්දු 391ක් වැයවූ එම ඉනිමට හයේ පහර 9ක් සහ  4 පහර 33ක් අන්තර්ගතවිය.

මෙය චන්දිමාල්ගේ පළමු ත්‍රිත්ව ශතකය වන අතර, මීට පෙර කිත්රුවන් පෙරේරා විසින් 2015 වසරේදි වාර්තා කර තිබු ලකුණු 351 එහි ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණි.

එම ඉනිමෙන් අනතුරුව මෙවර තරගවාරයේදී ලකුණු1000 සීමාව පසුකර දෙවැනියා බවට පත්වීමට ද චන්දිමාල් සමත්විය.

මෙම තරගයේදී යුධ හමුදා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 18 ක් බිඳවැටී ලකුණු 642ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන සැරසන්ස් කණ්ඩායම කඩුලු 2ක් බිඳවැටී ලකුණු 72ක් රැස්කරගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here