ගියවර අනුශුරයන් මෙවර අවසන් මහා තරගයට යයිද?


    2015 වසරේ පැවැති11 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව ශුරතාවය හිමිකර ගනිත්දි අනුශුරතාවයෙන් සෑහීමකට පත්වීමට නවසීලන්තයට සිදුවිය. එහෙත් පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ඉන්දීයාව පරාජයට පත්කර අවසන් මහා තරගයට පිවිසීමට නවසීලන්තයට මෙවර හැකියාව ලැබේදැයි විචාරකයන් බොහොදෙනෙක් දෙනෙත් හැර බලා සිටී. ඒ අද ඉන්දියාව සහ නවසීලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්නය.

    මෙවර ලකුණු සටහනේ පෙරමුණ ගත් ඉන්දියාව සහ සිව්වැනි ස්ථානයේ පසුවූ නවසීලන්තය මීට පෙර එක්දින ජාත්‍යන්තර තරග 107කදී මුහුණට මුහුණ මුණගැසී ඇත. ඉන් තරග 55ක ජය හිමිකරගෙන ඉන්දියාව ඉදිරියෙන් පසුවන අතර නවසීලන්තය ජයගෙන ඇත්තේ තරග 45කි. තරග 6ක් තීරණයකින් තොරව අවසන් වී ඇති අතර එක් තරගයක් පමණක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇත.

    මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මෙම කණ්ඩායම් දෙක එකනෙකා හමුවන්නේ පළමු වරටය. මූලික වටයේ 18වැනි තරගය ලෙස නොටින්හැම්හදී කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවීමට තීබු අවස්ථාව මගහැරී ගියේ වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ නිසාවෙනි.

    ඉන්දියාව සහ නවසීලන්තය ලෝක කුසලාන තරග වලදී 7 වරක් එකිනෙකා හමුවී ඇති අතර ඉන් තරග 4ක් ඉන්දියාව ජයගනිද්දි තරග 3ක ජය හිමිවූයේ නවසීලන්තයටය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here