ගිනස් වාර්තා තියන ශ්‍රී ලාංකියන්ට උපදේශන කමිටුවක්

ශ්‍රී ලංකාව තුළ විවිධ අංශයන්ගෙන් දක්ෂතා පෙන්වන සුවිශේෂී පුද්ගලයන් වෙනුවෙන් ගිනස් වාර්තා පොතට ඇතුළත්කිරීම සඳහා වන අවශ්‍යතා පිළිබඳව සලකාබැලීම උපදෙස් හා නියමයන් පිළිබඳව කටයුතු කිරීමට පස්දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත්කර තිබේ. ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය යටතේ ක්‍රිඩා අමත්‍යංශයේ ‌ලේකම් චූලානන්ද ‌පෙරේරා මහතා විසින් පසුගියදා (30) ‌මෙම පත්කිරීම සිදුකර ඇත.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ සභාපති හා ක්‍රීඩා සම්මාන කමිටුවේ සභාපති සමන් අමරසිංහ මහතාය. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නේවාසික වෛද්‍ය ලාල් ඒකනායක, ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල්, කැළණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ‌මෙන්ම මලල ක්‍රීඩා සම්මේලනයේ හා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු ජී.ජී.යූ. සමන්කුමාර හා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක එහි සෙසු සාමාජිකයෝ වෙති.

සාමාන්‍යය මට්ටමෙන් එහා ගිය සුවිශේෂි හැකියාවන්ගෙන් යුත් පුද්ගලයින් ගිනස් ‌ලෝක වාර්තා ‌පොතට ඇතුළත්කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හා ක්‍රියාපටිපාටියක් සැකසීමේ අරමුණෙන් ‌ෙමෙම ජාතක උපදේශක සභාව පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here