ගයාන් ලොව හොඳම දිරිමත්කරන්නාට හිමි රන් පදක්කම දිනාගනී

12 වැනි ⁣ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ලොව හොඳම තරග දිරිමත්කරන්නා තේරීමේ තරගයක් එංගලන්තයේදී පැවති අතර, එහිදි රන් පදක්කම හිමිවූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ තරග දිරිගන්වන්නා වූ ගයාන් සේනානායකටය.

වසර 15ක පමණ කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙස් විදෙස්හි සහභාගී වන සෑම තරගයකටම පාහේ දිරිගන්වන්නෙකු ලෙසසහභාගී වන ගයාන් සේනානායක ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර අතශයින් ජනප්‍රිය චරිතයකි.

ලොව වැඩිම ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින ඉන්දියාවේ ප්‍රධානතම තරග දිරිගන්වන්නා වන සුදීර් චවුද්‍රි අභිබවසින් ⁣මෙම රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිවීම සුවිශේෂී කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here