ක‍්‍රිකට් කළමනාකාර ධූරය පරැණි අයකුටම ලැබෙන හැඩ

ශී‍්‍ර ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධුරය හිටපු කළමණාකරුවකුටම ලබාදීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.
ඒ අනුව මාස 6ක කොන්ත‍්‍රාත්තුවක් සදහා අදාළ තනතුරට ජෙරී වවුටර්ස් මහතා පත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි අවදානය යොමුව ඇතැයි වාර්තා වේ.
එනමුත් ඊට සිය අකමැත්ත පළකර ඇති වවුටර්ස් මහතා ඉල්ලීමක් කරමින් සදහන් කර ඇත්තේ එම තනතුර වසරක කාලයකට ලබාදෙන ලෙසයි.

එමනිසා තවමත් අදාළ පත්කිරීම සිදුකර නොමැති බව ද සැලවේ.

-මව්බිම-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here