කෝලි ටෙස්ට් පිටියේ ඉහළට යද්දී දිමුත් පහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පිතිකරණ ලයිස්තුවේ පළවෙනි ස්ථානය ලබාගැනීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් වී තිබෙනවා. ඒ මෙතෙක් කල් මෙම ශ්‍රේණිගතකිරීමේ පළමු ස්ථානය ලබාගෙන සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ව අභිබවා යමින්.

ඒ අනුව විරාත් කෝලි ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 928ක් වන අතර ස්ටීව් ස්මිත් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 923ක් වනවා.

මෙම ශ්‍රේණිගතකිරීමේ 7 වැනි ස්ථානයේ සිටි දිමුත් කරුණාරත්න 10 වැනි ස්ථානය දක්වා පහත වැටි තිබෙනවා. ඔහු ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 723ක්.

  1. විරාත් කෝලි – 928 (ඉන්දියාව)
  2. ස්ටීව් ස්මිත් – 923 (ඕස්ට්‍රේලියාව)
  3. කේන් විලියම්සන් – 877 (නවසීලන්තය)
  4. චෙටෙශ්වර් පුජාරා – 791 (ඉන්දියාව)
  5. ඩේවිඩ් වෝනර් – 764 (ඕස්ට්‍රේලියාව)
  6. අජින්ක්‍යා රහනේ – 759 (ඉන්දියාව)
  7. ජෝ රූට් – 752 (එංගලන්තය)
  8. මානස් ලැබස්චේන් – 731 (ඕස්ට්‍රේලියාව)
  9. හෙන්රි නිකොලස් – 726 (නවසීලන්තය)
  10. දිමුත් කරුණාරත්න – 723 (ශ්‍රී ලංකාව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here