කෝලිට යළිත් නායකත්වය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් හෙට ඇරඹෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමට විරාත් කෝලිගේ නායකත්වය ලැබීමට නියමිතව පවතිනවා.

2-1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ දෙරට අතර පැවැත්වුණු T20 තරගාවලිය සඳහා විරාත් කෝලිව විවේක ගන්වා තිබූ අතර, එම තරගාවලිය සඳහා රෝහිත් ෂර්මා විසින් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.

එහි පළමු තරගය බංගලාදේශය විසින් ජයගත්තේ ඔවුන් ඉන්දියාවට එරෙහිව ලද මංගල T20 ජයග්‍රහණය සනිටුහන් කරමින් වීම විශේෂත්වයක්.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 14 සිට 18 වැනිදා දක්වා ඉන්දොරේදීත්, දෙවන ටෙස්ට් තරගය නොවැම්බර් 22 සිට නොවැම්බර් 26 වැනිදා දක්වා කොල්කටාහිදීත් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here