කෝලිගෙන් වාර්තාවක්

ලෝක ටෙස්ට් ශූරතාවයට අදාලව පසුගියදා පැවැත්වුණු ඉන්දීය-බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවුණා.

ඒ සමගම ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසින් වාර්තා පොත් අතරට පැමිණීමට විරාත් කෝලි සමත්වුණා. 

මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් තරග 48කට නායකත්වය දී ඉන් තරග 28ක් ජයග්‍රහණය කර ඇති විරාත් කෝලි පරාජයට පත්වී ඇත්තේ තරග 10ක් පමණි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ක්‍රිකට් තරග 60කට නායකත්වය ලබා දී ඉන් තරග 27ක් ජයග්‍රහණය කර ඇති අතර පරාජය වී ඇත්තේ තරග 18කි.

එසේම මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 120ක් ලබා පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි.
ලකුණු 60 බැගින් ලබා පිළිවෙලින් නවසිලන්තය සහ ශ්‍රී ලංකාව දෙවන සහ තෙවන ස්ථානවල පසුවන අතර ලකුණු 32 බැගින් ලබා හතරවන සහ පස්වන ස්ථානවල සිටින්නේ පිළිවෙලින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here