කෝලිගෙන් තවත් වාර්තාවක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි අඩුම ඉනිම් සංඛ්‍යාවකින් එක්දින ලකුණු 11000 වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්විය. ඒ ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමගින් අද (16) පැවැති තරගයේදී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමගිනි. ඔහුගේ අර්ධ ශතකය පන්දු 51කන් වාර්තා විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පාකිස්තානු නායකයා ඉන්දියාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර, මේ වනවිට වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කර ඇති අතර, ඒ වනව්ට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 305ක් ලබාගෙන තිබුණි.

අරම්භක පිතිකරු රෝහිත් ෂර්මා විසින් ලකුණු 140ක් ලබාගත් අතර ලෝකේෂ් රාහුල්ද අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය. නොදැවී කඩුල්ලේ රුඳී සිටින විරාත් කෝලි ලකුණු 70ක් සහ විජේ ෂංකර් ලකුණු 3ක් ලබාගෙන සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here