කොළඹට බැට දුන් ගාල්ල අවසන් සටනට

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කලම්බු කිංග්ස් කංඩායමට එරෙහිව කඩුලු 2ක ජයක් වාර්තා කරමින් අවසන් තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට ඊයේ (13) සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 9කට ලකුණු 150ක් රැස්කළේය. ඩැනියෙල් බෙල් වේගවත් ලකුණු 70ක් රැස්ක⁣ළේය. පන්දුයැවීමේදී ගාල්ල කණ්ඩායමේ ලක්ෂාන් කඩුලු 3ක්  සහ ශෙහාන් ජයසූරිය කඩුලු 2ක් බිඳ දැමූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 8ක් බිඳවැටී තිබියදීය. එහි වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 33ක් රැස්කළ භානුක රාජපක්ෂය. කොළඹ කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් කඩුලු 2ක් බිඳ හෙලීය.

අද (14) දෙවැනි අවසන් පූර්ව තරගය දඹුල්ල හා යාපනය කණඩායම් අතර පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here