කොරෝනා සටනට මැරඩෝනාත් එක්වෙයි…

කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ආජන්ටිනාවේ ජනතාව වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා 1986 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ ඇඟලා සිටි ජර්සිය වෙන්දේසියේ තැබීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනා තීරණය කර තිබේ.

කොරෝනා වෛරස තත්ත්වය හමුවේ ආජන්ටිනාව බරපතළ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී තිබෙන අතර අදාළ ජර්සිය අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් එරටේ බුවනෝර්ස් අයර්ස්හි වෙසෙන කම්කරු පන්තියේ පිරිස් සඳහා ලබාදීම මැරඩෝනාගේ අදහසයි. 1986 වසරේ පැවැති අදාළ පාපන්දු අවසන් මහා තරගයේදී බටහිර ජර්මනිය හමුවේ ගෝල 3-2ක ජයක් වාර්තා කිරීමට ආජන්ටිනා කණ්ඩායම සමත් විය. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අතිශය ප්‍රසිද්ධ ‘හෑන්ඩ් ඔෆ් ද ගෝඩ්’ යනුවෙන් හැඳින්වෙන ගෝලයත් මෙම තරගාවලියේ වාර්තා වී තිබීම සුවිශේෂී කාරණයක් විය. එංගලන්තය සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී එම ගෝලය වාර්තා වූ අතර මැරඩෝනා සිය අත භාවිත කරමින් එම ගෝලය වාර්තාකර තිබීම මතභේදයට තුඩුදුන් කාරණයක් විය.

මේ වන විට කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අරමුදල් එක්රැස් කරන නවතම තරුව බවට මැරඩෝනා පත්ව තිබෙන අතර මීට පෙර සුපිරි පාපන්දු ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසීද විපතට පත් වූවන්ට රෝහල් පහසුකම් සලසා දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here