කොරෝනා චෙන්නායි සුපර් කිංග්ස් ගිලගනී

මෙවර IPL තරගාවලියට සහභාගීවීම සඳහා එක්සත් අරාබි එමීර්  රාජ්‍යයට ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු සෙසු සාමාජිකයන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නිල නොවන විදෙස් වාර්තා කරයි. 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන්නකු වන දීපක් චාහර්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. ඔහුගේ ඥාති සොහොයුරකු වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රාහුල් චාහර් සිය ට්විටර් ගිණුමේ සොය සොහොයුරාට ඉක්මන් සුවය පතා පොස්ටුවක් ද පලකර තිබුණි.

මීට අමතරව එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයකුට, පුහුණුවීම් වලදී පන්දු යවන ක්‍රීඩකයන් කිහිපදෙනකුට හා සංචිතයට ඇතුළත් නොවන කණ්ඩායම් සාමාජිකයන් කිහිපදෙනකුටම මේ වනවිටත් කොරෝනා ආසදනය වී ඇතැයි එරටින් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here