කොරෝනාවලින් පසු ප්‍රථම ටෙස්ට් තරගාවලිය අද එංගලන්තය සහ කොදෙව්වන් අතර

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් අද දින එංගලන්තයේ සවුත්ඇම්ටන්හිදී අද ආරම්භවීමට නියමිතයි.

ලොව පුරා ව්‍යාප්ත වූ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් නතර වී තිබූ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි නැවත ආරම්භ කිරීමේ සලකුණක් වශයෙන් මෙම තරගාවලිය හැඳින්විය හැකියි.

එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් ඔවුන්ගේ දෙවන දරු උපත හේතුවෙන් මෙම තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට බෙන් ස්ටොක් එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබදෙයි.

මෙම තරගාවලිය නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩාංගනවලදී පවත්වනු ලබයි.

පළමු ටෙස්ට් තරගාවලිය
ජූලි මස 8-12 රෝස් බෝල් ක්‍රීඩාංගනය – සවුත්ඇම්ටන්

දෙවන ටෙස්ට් තරගාවලිය
ජූලි මස 16-20 ඕල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගනය – මැන්චෙස්ටර්

තෙවන ටෙස්ට් තරගාවලිය
ජූලි මස 24-28 ඕල්ඩ් ට්‍රැෆෝඩ් ක්‍රීඩාංගනය – මැන්චෙස්ටර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here