කොදෙවුවන් පුහුණු තරගයෙන් කඩුලු 6 කින් ජයගනී ….

 

ශ්‍රී ලංකා සභාපතිගේ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන පුහුණු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කටුනායකදී පැවති පුහුණු තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා සභාපතිගේ පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවි ලකුණු 276ක් රැස් කරගත්තා.

මිනෝද් භානුක ලකුණු 69 යි .

රමෙෂ් මෙන්ඩිස් නොදැවි ලකුණු 64 යි.

අසේල ගුණරත්න ලකුණු 47 යි.

ලකුණු 277ක ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 3කදී කඩුළු 4ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියා.

රොස්ටන් චේස් ලකුණු 163ක් රැස් කළ අතර ෂායි හෝප් රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්.

විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙකක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය හෙට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here