කොදෙව් සභාපතිගේ පිල හමුවේ ලංකාව පසු බසී

බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම සමග අද (18) ඇරඹි දෙදින ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලුදෙනා දැවී ලකුණු 172ක් ලබාගත්තේය. එහිදී වැඩිම ලකුණුලාභියා වූ ඕෂද ප්‍රනාන්දු ලකුණු 47ක් ලබාගත්තේය. ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 40ක් රැස්කළේය.

පළමු දිනය අවසන් වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 103ක් ලබාගෙන සිටියි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 8කට එක් කඩුල්ලක් බිඳ හෙලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here