කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් නවසීලන්තයෙන් සමාව ඉල්ලයි…

27 වැනිදා ආරම්භ වීමට නියමිත නවසීලන්ත – කොදෙව් තරගාවලිය වෙනුවෙන් නවසීලන්තයේ සංචාරයක නිතරව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුගියදා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් නවසීලන්ත රජයෙන් සහ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් පවසයි.

කොදෙව් පිල ක්‍රයිස්චර්ච් නුවර කේන්ද්‍ර කරමින් නිරෝධායන කාලසීමාවක් පසු කරමින් සිටින අතර, කුඩා කණ්ඩායම් ලෙස පුහුණුවීම් සිදු කිරීමට අවසර දී තිබිණි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවන ලද නීති රෙගුලාසි දෙවැනි වරටත් උල්ලංඝනය කිරීමත් සමඟ දින 14ක නිරෝධායන කාලසීමාව නිමා වන තුරු පුහුණුවීම් සඳහා අවසර ලබා නොදෙන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමාව ඉල්ලා ඇති සිමන්ස් “අපට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දුන් නවසීලන්ත ජනතාවගෙන් සහ රජයෙන් මම සමාව ඉල්ලනවා. මෙය අපගේ දෘෂ්ටි කෝණයෙන් ලැජ්ජාවට කරුණක්.” යැයි පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here