කොදෙව් තරගාවලියට ධනුෂ්ක ගුණතිලක නෑ …

ආබාධිත තත්ත්වය හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට බටහිර කොදෙව් කණ්ඩායම සමඟ පැවැත් වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සභාගී වීමට නොහැකි වී ඇත.

එළැඹෙන පෙබරවාරි මස 22 වැනිදා ආරම්භ වන මෙය තරග 3 කින් සමන්විත වන අතර තුනටිය ප්‍රදේශයේ ඇති වී තිබෙන ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් ධනුෂ්කට මෙම අවස්ථාව මඟ හැරී තිබේ.

ධනුෂ්කට අමතරව අවසන් වරට පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දී නායකත්වය දැරූ ළහිරු තිරිමාන්නට 15 දෙනා අතර ස්ථානයක් හිමි නොවීම මෙවර සංචිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි.

පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් නොවුණු බැවින් ඔවුන් සියල්ල මෙම තරගාවලිය සඳහා ඇතුළත්ව සිටීම මෙයට හේතුවී ඇත.

ඒ අනුව පාකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ තිරිමාන්න සහ ගුණතිලක ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙකුට මෙම තරගාවලියේදී සිය ස්ථානය අහිමිව තිබේ.

එක්දින කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදාන ඇතුළත්ව සිටින අතර දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් වනිඳු හසරංග ඇතුළත්ව සිටි.

නම් කරන ලද 15 දෙනා අතර පිතිකරුවකු ලෙසින් ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටියි.

කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරන අතර ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශෙහාන් ජයසූරිය සංචිතයට කැඳවා තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් සහළහිරු කුමාර සංචිතයට ඇතුළත් කර ඇති සෙසු ක්‍රීඩකයින් වේ.

දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා යන ක්‍රීඩකයින් සංචිතයට එක් කර ඇති අතර, ළහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා හා කසුන් රජිත යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here