කොදෙව්වන් පරදා ඉතිහාසගත ජයක් ලැබූ බංගලියෝ (වීඩියෝ සහිතයි)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊ‌‌යේ (17) ‌ඉටහිර ඉන්දීය ‌‌කොදෙව් ‌දේශය සමග පැවති තරගයෙන් බංගලාදේශ කණ්ඩායම කඩුලු 7ක විශ්ෂ්ට ජයක් වාර්තාකරනු ලැබුවේ තරගය අවසන් වීමට තවත් පන්දු 51ක් ඉතිරිව තිබියදීය. මෙය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ බංගලාදේශ කණ්ඩායමක් විසින් බටහිර ඉන්දීය කොදෙව් දේශය පරාජයට පත්කළ පළමු අවස්තාව ලෙසද ඉතිහාසයට එක්විය.

කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ නායකයා පළමුව පන්දුවට පහරදීමට කොදෙව්වන්ට ආරාධනා කළේය. ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත් බංගලාදේශය පන්දුවාර 50 තුළ කඩුලු 8කට ලකුණු 321ක් ලබාගෙන බංගලාදේශයට දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේ තරගය පහසුවෙන් ජයගැනීමේ අටියෙනි.

හෝප් ලකුණු 96කින් සහ ලුවිස් ලකුණු 70කින් ඔවුන්ගේ ලකුණු පුවරුව ශක්තිමත් කළහ. පන්දුයැවීමේදී සයිෆුදීන් හා රහමාන් කඩුලු 3 බැගින් බිඳහෙලුහ.

මෙම අසීරු ඉලක්කය හඹායෑමේදී තමීම් ඉක්බාල් ලකුණු 48ක දැවීයෑමෙන් අනතුරුව මුෂ්ෆිකර් රහීම් පිටියට පැමිණියේ ෂකීබ් අල් හසන් සමගින් එක්ව ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගීමට වුවද රහීම් ලකුණු 1කට පිටියෙන් ඉවත්වීමත් සමග බංගලාදේශ බලාපොරොත්තු එකින් එක බිඳවැටෙන්නට වූයේ ශකීබ් එක් අන්තයක තනිවීම හේතුවෙනි.

එහෙත් තමාගේ පළමු ලෝක කුසලාන තරගාවලියට එක්වූ ලිටන් දාස් ශකීබ්ට අවශ්‍ය සහයෝගය ඉතාහොදින් ලබාදුන්නේ පළපුරුදු පිතිකරුවෙක් පරිද්දෙනි. ලකුණු වේගය අවශ්‍ය මොහොතේදී කිසිම පැකිලීමකින් තොරව හයේ හතරේ පහරවල් එල්ල කරමින් ජයග්‍රහණයට අවශ්‍ය පදනම සකසා දුන්නේ කොදෙව් පන්දුයවන්නන් දැඩි පීඩනයකට ලක්කරමිනි.

පන්දුවාර 41.3කදී කඩුලු 3ක් බමණක් දැවී බංගලාදේශය මෙම ඉතිහාසගත ජයවාර්තා කළේ ශකීබ්ට ශතකයක් හිමිකරදෙමින් හා ලිටන් දාස්ට ශතකය පෙනී පෙනී තිබියදීය.

ශකීබ් නොදැවී ලකුණු 124ක් ලබාගනත්තේ පන්දු 99කිනි. ලිටන් දාස් නොදැවී ලකුණු 94ක් ලබාගත්තේ පන්දු 69කිනි. තරගයේ වීරයා සම්මානය ශකීබ් අල් හසන්ට හිමිවිය.

තරගයේ විශේෂ අවස්තා පහතින් නරඹන්න.

CopyRight – ICC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here