කොදෙව්වන්ට නවසීලන්තයෙන් තහනමක් …..

නවසීලන්තයේ සංචාරයක නිතරව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම කාලසීමාව නිමාවනතුරු පුහුණුවීම් සඳහා අවසර ලබා නොදෙන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

විස්සයි20 තරග 3කට සහ ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කිරීමට සංචාරයේ නිරතව සිටින කොදෙව් පිල මේ වන විට නිරෝධායන කාලසීමාවක් පසු කරමින් සිටින අතර, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවන ලද නීති රෙගුලාසි උල්ලංඝනය කරනු ලැබුවේ පිට පිට දෙවැනි වතාවටය.

කොදෙව් පිලේ ඇතැම් ක්‍රීඩකයන් සිය හෝටලයේ වෙනත් ස්ථානයක නිරෝධායනය වෙමින් සිටින තවත් පිරිසක් සමග ආහාර පාන බෙදා ගැනීම සීසී ටීවී දර්ශන මගින් තහවුරු වීමෙන් පසු මේ තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here