කුසල් මෙන්ඩිස්ට විවේකයක් …

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයෙදී පැවති ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන 20/20 තරගයේදී වම් පදයේ හා දණහිස ආබාදයකට ලක්වූ කුසල් මෙන්ඩිස් සති 6 ක් විවේකගන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

තරගයේ අවසන් පන්දුවාරයේදී නවසිලන්තයට ජයග්‍රහණයට ලකුණු 7 ක් අවශ්‍ය වූ අතර තෙවන පන්දුවට මිචෙල් සැන්ටිනර් එල්ලකළ පහර උඩ පන්දුවක් ලෙස රැකගැනීමට ෂෙහාන් ජයසුරිය සමත්වුවත් එම පන්දුව වෙත දිව ආ කුසල් මෙන්ඩිස්ගේ පදයේ වැදීම හේතුවෙන් ඔහුව පන්දුවත් සමග හතරේ සිමාවේ ස්පර්ශ වූ බැවින් නවසීලන්තයට ලකුණු 6 ක් හිමිවිය.

එබැවින් නවසිලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේ පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදී කදුළු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට සමත්වුණා.

මෙම අනතුරට මුහුණදුන් ෂෙහාන් ජයසුරියගේ හා කුසල් මෙන්ඩිස්ගේ තත්වය බරපතල නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල නිලදාරියෙක් සදහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here