අන්තර් සමාජ තුන්දින ටෙස්ට් ක්රිකට් තරගාවලියේ ලීග් ශුරතාව සී.සී.සී. කණ්ඩායමට පසුගියදා (22) හිමිවිය. ඒ එන්.සී.සී. කණ්ඩායම සමග කොළඹ පී.සරා ඔවල් ක්රීඩාංගනයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමත් සමගිනි.
එහිදී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම පන්දුවාර 125.3කදී සියලුදෙනා ලකුණු 467ක් ලබාගත්තේය. එහිදී චතුරංග ද සිල්වා ලකුණු 159ක් සහ ලහිරු උදාර ලකුණු 111ක් ලබාගනිමින් කැපීපෙනෙන දස්කම් දැක්වීය. පන්දු යැවීමේදී මලින්ද පුෂ්කුපමාර ලකුණු 80කට කඩුලු 6ක් බිඳහෙලීමට සමත්විය.
සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 123කදී කඩුලු 6කට ලකුණු 480ක් ලබාගත්තේ ඊට පිළිතුරු වශයෙනි. එහිදී කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් සිය පළමු පෙළ ක්රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමටද සමත්විය. ඊට අමතරව ලසිත් අබේරත්නද ලකුණු 104ක් ලබාගනිමින් ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු යැවීමේදී ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිඳහෙලීය.