කුලසේකර මහනුවර කණ්ඩායමට ….

38 හැවිරිදි වියේ පසුවන හිටපු වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර එළැඹෙන එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා වශයෙන් පත්කර තිබේ. එම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් හෂාන් තිලකරත්න කටයුතු කරනු ලබයි. කළමනාකරු වශයෙන් ෆර්වීස් මහරුෆ් පත්කර ඇත.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යෑමෙන් පසුව පුහුණුකරුවකු වශයෙන් ඔහු කටයුතු කරන පළමු අවස්ථාවද මෙය වේ.

කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට වේග පන්දු යවන්නන් වශයෙන් නුවන් ප‍්‍රදීප්, වහබ් රියාස් සහ ලියම් ප්ලන්කට් යන ක‍්‍රීඩකයන් කටයුතු කරන අතර ක‍්‍රිස්ගේල්, ඉර්ෆාන් පතන්, කුසල් මෙන්ඩිස් යන සුපිරි ක‍්‍රීඩකයන්ද ඇතුළත් වෙනවා.

එල්.පී.එල්. තරගාවලිය අවසන් වරට ලබන 21 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුනද නිරෝධායන රෙගුලාසි හේතුවෙන් සතියක් පමණ ප්‍රමාද කිරීමට සංවිධායකයන්ට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here