කි‍්‍රස්ටියන් කොලමන් ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙයි..

2019 ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලෝකයේ වේගවත්ම මිනිසා බවට පත්වීමට අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර කි‍්‍රස්ටියන් කොලමන් ඊයේ (28) සමත් විය.

ඊයේ පැවති මීටර් 100 ධාවන තරග ඉසවුවෙන් කි‍්‍රස්ටියන් කොලමන් තත්පර 9 .76 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනා ගත්තා.

ජස්ටින් ගැට්ලින් තත්පර 9.89 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වූයේ තත්පර 9.9 දක්‍ෂතාවක් වාර්තා කළ කැනඩාවේ අන්ද්‍රේ දී ග‍්‍රාස්ටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here