කිංග්ස් ලෙවන් පංජාබ් පිට පිට සිව්වැනි ජයත් වාර්තාකරයි…

කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 12ක නොතිබූ ජයක් වාර්තා කිරීමට කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම සමත් විය.

කිංග්ස් ලෙවන් කණ්ඩායම මෙවර තරගවාරයේ පිට පිට ලද සිව්වැනි ජය මෙය විය. ඒත් සමග සහභාගි වූ තරග 11න් 5ක ජය වාර්තාකරගෙන සිටින කිංග්ස් ලෙවන් පිල කණ්ඩායම් ශ්‍රේණියේ
5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් කිංග්ස් ලෙවන් පිල කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු 126ක ඉලක්කය හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

පන්දු 24කදී කඩුලු 7ක් අතැතිව ලකුණු 27ක් අවශ්‍යව ජයග්‍රහණය පෙනෙන මානයේ සිටි සනරයිසස් කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 14කදී දවා ගැනීමට ක්‍රිස් ජොර්ඩන් සහ අර්ශ්දීප්
සිං ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ක්‍රිස් ජොර්ඩන් ලකුණු 17කට කඩුලු 3ක් සහ අර්ශ්දීප්සිං  ලකුණු 23කට කඩුලු 3ක් වශයෙන් දවා ගත්තේය.

අදාළ දක්ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ක්‍රිස් ජොර්ඩන්ට් හිමි විය.

ජයග්‍රහණය හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා යා හැකි වූයේ නායක ඩේවිඩ් වෝනර් (36) සහ විජේ ශන්කර්ට (26) පමණි. තරගාවලිය පුරා කිංග්ස් ලෙවන් පිලේ ප්‍රහාරක පිතිකරුවන් ලෙසින් නම් දරා සිටි ලෝකේෂ් රාහුල්, ක්‍රිස් ගේල්, නිකලස් පූරන්ට පිළිවෙළින් රැස්කර ගැනීමට හැකි වූයේ පන්දු 27කදී ලකුණු 27ක්, පන්දු 20කදී ලකුණු 20ක් සහ
පන්දු 28කදී ලකුණු 32ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here