කිංග්ස් ලෙවන්ට සහ නයිට්රයිඩර්ස්ට සුපිරි පන්දුවාරයෙන් ජය….

අයි.පී.එල්. ඉතිහාසයේ පළමු වතාවට එකම දිනයේ තරග දෙකක ජය සුපිරි පන්දුවාරයේදී තීරණය වීම පෙරේදා සිදු විය. ඒ අනුව අයි.පී.එල්. තරගාවලිය යටතේ පෙරේදා (19 වැනිදා) පැවැති 35 වැනි සහ 36 වැනි තරගවල සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් සහ
කිංග්ස් ලෙවන් පංජාබ් යන කණ්ඩායම් සමත් විය.

එහිදී කොල්කටා නයිට්රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සමගින් තරග වැදුණු අතර කිංග්ස් ලෙවන් පංජාබ්, මුම්බායි ඉන්දියන්ස් සමගින් තරග වැදුණි.

36 වැනි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් ලෙවන් පංජාබ් කඩුලු 6ක් දැවී දෙපිලම ලකුණු 176 බැගින් වාර්තා කිරීම හේතුවෙන් තරගය සම තත්ත්වයේ පැවැතිණි. එහිදී ජයග්‍රහණය තේරීම සඳහා පැවැති සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ලබාදුන් ලකුණු 11ක ඉලක්කය හඹාගිය කිංග්ස්ලෙවන් පිල පන්දු හතරකදී ලකුණු 15ක් සමගින් ජය සපුරා ගැණින.

හයේ පහර තුනක් සහ හතරේ පහර හතක් සමගින් පන්දු 51කදී ලකුණු 77ක් රැස්කළ කිංග්ස්ලෙවන් නායක ල ෝකේෂ් රාහුල් තරගයේ වීරයා බවට පත් විය.

මීට අමතරව කොල්කටා නයිට්රයිඩර්ස් කඩුලු 5ක් දැවී ලකුණු 163ක් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස් කිරීම මත අදාළ තරගයේ තීරණය සඳහා සුපිරි පන්දුවාරයක්
ක්‍රියාත්මක කිරීමට සිදුවිය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් පිලේ මුල් කඩුලු දෙක ලකුණු දෙකකදී දවා ගැනීමට ලොකී ෆර්ගසන්ට හැකි වූ අතර කොල්කටා කණ්ඩායම පන්දු 4කදී කිසිවෙකුත් නොදැවී අදාළ ජය සපුරා ගැණින.

පන්දුවාර 20 අවසානයේ ලකුණු 15කට කඩුලු 3ක් දවා ගැනීම සහ සුපිරි පන්දුවාරයේ කඩුලු දෙකක් දවා ගැනීම මත තරගයේ වීරයා සම්මානය ලොකී ෆර්ගසන්ට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here