කැන්ගරු ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තානයට අසාධ්‍යයි

ඕස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර ඊයේ (01) බ්‍රිස්ටල්හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තාකිරීමට ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් සමත් විය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදීම තෝරාගත් ඇෆ්ගනිස්තානයට පන්දුවාර 38.2කදී සියලුදෙනාම දැවී ලබාගතහැකි වූයේ ලකුණු 207ක් පමණි. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නජිබුල්ලා සද්රාන් ලකුණු 51කින් සහ රහ්මාට් ෂාහ් ලකුණු 43කින් ඇෆ්ගන් ලකුණු පුවරුවට සිය දායකත්වය ලබාදුන්හ. පන්දු යැවීමේදී පැට් කමින්ස් හා සම්පා අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 208ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කැන්ගරුවන් පන්දුවාර 34.5කදී ජයග්‍රාහණය සටහන් කරනු ලැබුවේ කඩුලු 3ක් පමණක් ප්‍රතිවාදීන්ට පූජා කරමිනි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 89ක් ලබාගත් අතර, ඔහුට අනගි සහයක් ලබාදුන් නායක ආරෝන් ප්‍රින්ච් ලකුණු 66ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී මුජීබ් රහමාන්, නයිබ් හා රෂීඩ් ඛාන් අතර එක කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලෝක කුසලාන තරගාවලියේ 5වැනි තරගය වශයෙන් දකුණු අප්‍රිකාව හා බංගලාදේශය අතර තරගය අද (02) පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here