කැන්ගරුවෝ කොදෙව් දැවැන්තයෝ උස්සා පොළොවේ ගසති

ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර ඊයේ (06) ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය ලෙස පැවති තරගයෙන් කොදෙව් දැවැන්තයින් පරදා ලකුණු 15ක ජයක් ලැබීමට කැන්ගරුවන් සමත්විය.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි කැන්ගරුවෝ පන්දුවාර 49කදී සයලුදෙනා දැවීගොස් ලකුණු 288ක් රැස්කිරීමට සමත්විය. එහිදී කවුලටර් නයිල් ලකුණු 92කින් සහ ස්මිත් ලකුණු 73කින් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවිමේදී බ්‍රාත්වේ කඩුලු 3ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව්වෝ අවසන් මොහොත දක්වාම සටන අත්හැරීමට සූදානම් නොවූහ. තරගය අවසන් වනවිට ඔවුන් කඩුලු 9කට ලකුණු 273ක් ලබාගෙන තිබුණි. කඩුලු රකින ක්‍රීඩක හෝප් ලකුණු 68කින් සහ නායක හෝල්ඩර් ලකුණු 51කින් කොදෙව් ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී සටාක් ලකුණු 46කට කඩුලු 5ක් බිඳදැමීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය ඕස්ට්‍රෙලියාවේ නේදන් කෝල්ටර් නයිල්ට හිමිවිය.

තරගාවලියේ 11 වැනි තරගය වශයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (07) බ්‍රිස්ටල්හිදී ප.ව. 3.00ට ආරම්භවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here