කායවර්ධන ශූරයෝ ශ්‍රී ලංකාව රනින් රිදියෙන් බබලවති

ඩුබායිහිදී පසුගියදා නිමාවට පත් වුණු 73 වැනි ලෝක ශූරතා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් පදක්කම් දිනාගැනීමට සමත් වුණා.

කිලෝ ග්‍රෑම් 65 බර පංතියේ රන් පදක්කම යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ආසියානු ශුරතා පදක්කම්ලාභී වයි.ඒ. අමිල විසින් දිනාගනු ලැබුවා. එසේම එම පංතියේම රිදී පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රාජ් කුමරන් දිනාගනු ලැබුවා.

විවිධ රටවල ක්‍රීඩකයන් 672 දෙනකු හා නිලධාරින් 262 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු සහභාගී වුණා.

2009 වසරෙන් පසුව දේශීය කායවර්ධන පරිපාලනයේ තිබූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම වසර තෙක් ක්‍රීඩකයන් කිසිවෙක් මෙම ලෝක ශුරතා තරගාවලියට සහභාගී වූයේ නැහැ. එමනිසා වසර පහකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වූ මෙම තරගයෙන් තරගයෙන් රන් හා රිදී පදක්කමක් දිනාගැනීම විශේෂත්වයක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here