කාන්තා ලෝක කුසලානය සිව්වන වරටත් ඔස්ට්‍රේලියාවට

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ඒ ඇන්ටිගුවාහී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී එංගලන්තය කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.

මෙම ලෝක කුසලාන තරගාවලිය 6 වතාවක් පවත්වා ඇති අතර, ඔස්ට්‍රේලියාව සිව්වරක් ශුරතාවය දිනගැනීමට සමත්වූ විය. එංගලන්තය පළමු ලෝක කුසලානයේ ශුරතාවය දිනාගැනීමට සමත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කණ්ඩායම සියලුමදෙනා දැවී ලකුණු 105ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙසින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 15.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබාගැනීමට සමත් වුහ.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ඕස්ට්‍රේලියාවේ අශෙයින් ගාඩ්නර් තොරපත්කරගැනුනේ සිය පන්දුවාර හතර තුල ලකුනු22කට කඩුලු 3ක් බිඳ දමා එංගලන්ත ඉනිම අඩපන කිරීම හේතුවෙනි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ඕස්ට්‍රේලියාවේ ඇලිස්සා හීලි නම් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here