කාන්තා ක්‍රිකට් තරගාවලි සඳහා මිල වැඩිවීමක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් තරගාවලි සඳහා පිරිනැමෙන ත්‍යාග මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 2.6කින් වැඩිකිරීමට පසුගියදා ඩුබායි හි පැවති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා T20 තරගාවලියේදී ශුරියන්ට සහ අනුශුරියන්ට පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියනයක් සහ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක් පිරිනැමීමට නියමිතයි. එය පසුගිය (2018) T20 ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග මුදලට ස්පෙක්ෂාව 320% වැඩි කිරීමක් වනවා.

එසේම 2021 එක්දින කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා පිරිනමන මුළු ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් දක්වා ඉහළ දැමීමටද ඔවුන් තීරණය කර තිබෙනවා. අවසාන වරට 2017 වසරේදී පැවැත්වූ කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා පිරිනමන ලද්දේ ඩොලර් මිලියන 2ක මුදලක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here