ක්‍රීඩා දූෂණවලට රුපියල් මිලියන 100ක දඩයක් හෝ වසර 10ක සිරදඬුවමක් ලැබෙන පනත සඳුදාට

රීඩා හා සම්බන්ධ දූෂණ වැළැක්වීමේ පනතක් නොවැම්බර් මස 11 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත කරගන්නා බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසා තිබේ. ඒ ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකකදීයි.

මෙම පනත සම්මත වුවහොත් එය නීතියක් බවට පත් වේ. එමනිසා ඉන්පසු ක්‍රීඩා සම්බන්ධයෙන් වන විවිධාකාරයේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම්, දූෂණ, තරග පාවාදීම් වැනි වැරදි රැසක් සඳහා වැරදි කරන්නන් හා ඒ හා සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවේ වැරදිකරුවන් වුවහොත් ඔවුනට රුපියල් මිලියන 100ක දඩයක් හෝ වසර 10ක සිරදඬුවමක් ද, එවැනි තොරතුරු හෙළිදරවු කිරීම පැහැර හරින්නන් හටද වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 3ක දඩ මුදලකට යටත්වීම ද සිදුවෙයි.

එසේම ඒ සම්බන්ධයෙන් තොරතුරු සපයන්නන් හට අරමුදලක් ඇතිකර දිරිගැන්වීමේ ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකරනු ලබයි.

නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව රටේ තත්ත්වය කෙබඳු වේ දැයි කිව නොහැකි බැවින් රටේ ක්‍රීඩාවට හිතකර මෙම පනත් කෙටුම්පත මෙම නොවැම්බර් 11 වැනිදා බහුතර මනාපයෙන් සම්මත කරගැනීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here