ක්‍රිස් ගේල් ඇත්තටම විශ්‍රාම ගත්තාද?

ඉන්දියාව සමග පැවැති අවසන් එක්දින තරගයේදී කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් වෙත විශේෂ අවධානයක් යොමුව තිබිණි.

සිය 301 වැනි එක්දින තරගය ලෙස මේ තරගයට එක්වූ ගේල් තම ඇඳුමේ අංකය වෙනස් කරමින් අංක 301 සටහන් කර තිබිණි. මින් පෙර ඔහුගේ ඇඳුමේ සටහන් වූයේ අංක 333යි.

එමෙන්ම මේ තරගයේ ප්‍රවේගකාරි ඉනිමක් දියත් කිරීමෙන් පසු දැවී යෑමේදී ප්‍රේක්ෂකයන්ට ආචාර කිරීමට ගේල් කටයුතු කළ අතර ඉන්දීය ක්‍රීඩකයන්ද ඔහුට සුබ පැතුම් එක් කළහ. එමගින් ඔහුගේ අවසන් එක්දින තරගය මෙය වන බවට ඉඟි පළ විය. එහෙත් තරගයෙන් අනතුරුව කොදෙව් ක්‍රිකට් ආයතනය නිකුත් කළ වීඩියෝ පටයකින් අදහස් දැක්වූ ගේල් කියා සිටියේ මෙය තමන්ගේ අවසන් එක්දින තරගය නොවන බවයි.

තමා මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර නැතැයි පැවැසූ ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නිවේදනය කර නැතැයිද කියා සිටියේය. එමෙන්ම තමා ඉදිරියේ දී එවැනි දැනුම්දීමක් සිදු කරන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටින බවද පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here