ක්‍රිස්ගේල් නිදහසට කරුණු කියයි..

බ. ඉ. කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස්ගේල් සිය හිටපු කණ්ඩායම් සගයෙකු වූ රමනරේෂ් සර්වාන්ට සමාජ මාධ්‍ය තුළින් බැණ වැදීම සිදු කළේ සිය ‘හදවතින්ම බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවලට අදහස් දක්වමින් හෙතෙම පවසා තිබුණේ එහිදී තමන් සර්වාන්ව සර්පයෙක්, නපුරෙක්, දුෂ්ටයෙක් හා වස ලෙසින් ඇමතූයේ සිය හදවතට එකඟව බවයි. 40 හැවිරිදි ගේල් පසුගියදා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය කණ්ඩායම වූ ජැමෙයිකා තලවාස් කණ්ඩායමෙන් ඉවත් කෙරිණි. කෙසේ වෙතත් ඔහු මේ සම්බන්ධයෙන් දොස් පැවරූයේ කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ක්‍රියා කළ රමනරේෂ් සර්වාන්ටය. එය ඔහු වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළේය.

“මට එහෙම සැලකීම ගැන මගෙ තිබ්බ අමනාපය තරම. මම ඒ වීඩියෝ පටවල මගේ අදහස් දැක්වීම ගැන පෙනී ඉන්නවා.” යනුවෙන් ගේල් මෙහිදී පවසා තිබේ. මෙහිදී ගේල් සර්වාන්      හැඳින්වීමට නොමේරූ, නින්දිත හා පළිගැනීම වැනි වචනද භාවිත කර තිබිණි.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජීව ගුණයට හානි කරන්න මම කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නෑ. මට ඕන වුණේ මගේ උපන්ගම වූ ජැමෙයිකාවේදීම මගේ වෘත්තීය ජීවිතය අවසන් කරන්න.” යනුවෙන් ගේල් මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර ජැමෙයිකානු කණ්ඩායමෙන් ඉවත් කෙරුණු ගේල්, මෙවර තරගාවලිය වෙනුවෙන් ශා. ලුසියා සෝක්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

අද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here