ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තුව සිංහයන් හෙට ඉටු කරයිද..? – හතුරුසිංහ කියපු කතාව මෙන්න

දකුණු අප‍්‍රිකාව සමග තරගයට ශ‍්‍රී ලංකාව හෙට (28 දා) පිවිසෙන්නේ ඔවුන්ගේ තරම දැනගෙන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා..
මෙම තරගය වෙනුවෙන් ශ‍්‍රී ලංකා පිල චෙස්ටර් ලී හී පිහිටි රිවර් සයිඞ් ක‍්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදුකරමින් සිටියදී ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
අපි ප‍්‍රධාන අවධානය යොමු කරලා තියෙන්නෙ මේ තරගය සඳහා. මේ තරගයේදී අපි පළමුව පිති ප‍්‍රහාරය දියත් කළත් පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබා ගත යුතුයි.
ඒ වගේම තරගය පුරාම අපි තරගයේ රැදි සිටිය යුතුයි මොකද කිසිම අවස්ථාවක තරගය අතහරින්න බැහැ.
මෑත කාලයේදී අපි දකුණු අප‍්‍රිකාව සමග තරග කිහිපයක් ක‍්‍රීඩා කරලා තියෙන නිදා ඔවුන් ගැන හොඳට දන්නවා.
ඔවුන්ගේ ඉන්න හොඳම ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න අවධානය යොමු කරලා තියෙන්නෙ. ඒ ක‍්‍රීඩකයන් පුළුවන් තරම් තරයෙන් ඈත් කරලා තියන්න තමයි සැලසුම් කරන්නෙ. එංගලන්ත තරගය මෙන් අපේ සියලූම ක‍්‍රීඩකයන් දක්ෂතා දැක්විය යුතුම වෙනවා.’
ශ‍්‍රී ලංකා පිල ලෝක කුසලානට පෙර සහභාගි වූ අවසන් තරගාවලියදද දකුණු අප‍්‍රිකාව සමග සහභාගි විය.
එහිදී ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ශ‍්‍රී ලංකාව ජය ගත්තද එක්දින තරගාවලිය පරාජයට පත්විය.
ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප‍්‍රිකාව සමග පුහුණු තරගයකට ශ‍්‍රී ලංකාව සහභාගි වූ අතර එම තරගයද ශ‍්‍රී ලංකාව පරාජයට පත්විය.
නමුත් ඔවුන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පිල හෙට සටනට පිවිසෙන්නේ අවබෝධයෙන් බව ශ‍්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් සඳහන් කරයි.
‘‘දකුණු අප‍්‍රිකාව සමග තරගයේදී කාසියේ වාසිය ඉතාමත් වැදගත්. මොකද අපි නවසීලන්තය සමග තරගයේදී කාසියේ වාසිය පරාද වුණා.
එංගලන්තය සමග තරගයේදී කාසියේ වාසිය දිනා ගත්තා. තණතිල්ල සවස් වෙනකොට තෙත ගතියක් තියෙනවා. කඩුල්ල මන්දගාමී වුවහොත් ලකුණු හඹා යෑම පහසු වෙන්නේ නැහැ.’
ලෝක කුසලාන වැනි තරගාවලියකදී සැම විටම ක‍්‍රීඩකයන්ට නැවුම් බවකින් තරග වැදිය යුතුය.
එංගලන්තය සමග පැවැති තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිලට දින හයක විවේකයකින් පසුව දකුණු අප‍්‍රිකාව මුණ ගැසේ. අදාළ කාලයේදී ශ‍්‍රී ලංකා පිලට විනෝද වීමට දින දෙකක කාලයක් ලබා දුන්නේය.
‘‘අපිට දකුණු අප‍්‍රිකාව සමග තරගයට පෙර දින හයක දිග විවේකයක් ලැබුණා.
හැම තිස්සෙම පුහුණුවීම් කරමින් සිටියා. නමුත් දින දෙකක විවේකයක් ක‍්‍රීඩකයන්ට ලබාදුන්නා එංගලන්ත තරගයෙන් පසුව.
ඔවුන්ට එවිට නැවුම් බවකින් තරග වැදිය හැකියි. ඒ දින දෙකේදී ක‍්‍රීඩකයන් හොඳ හැටි විනෝද වුණා.
අංක එකට සිටි එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලද ජයග‍්‍රහණය සම්බන්ධයෙන් හතුරුසිංහ වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය. ‘‘ඒක තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩාව කියන්නෙ. එයයි ක‍්‍රිකට් කී‍්‍රඩාවේ සුන්දරත්වය. අපි ආරම්භ කරන දෙය ඉදිරියට ගෙන යෑමයි වැදගත් වන්නේ.
හොඳම කණ්ඩායම හෝ වේවා නරකම කණ්ඩායම හෝ වේවා ඕනෑම දෙයක් තරගයකදී විය හැකියි. එංගලන්තය ඉකුත් ලෝක කුසලානයේදී බංග්ලාදේශයට පරාජය වු දවසේ ඉදලා මේ ලෝක කුසලාන වෙනකම් හොඳින් සූදානම් වුණා. නමුත් අපි අපේ සංචිතය ගොඩක් ප‍්‍රමාද වෙලා තමයි දැන ගත්තේ.’’
ශ‍්‍රී ලංකා පිල පැවැති නිවාඩු දිනයේදී කණ්ඩායමක් ලෙස යුද හමුදා පුහුණුවකට සමාන සහ ක‍්‍රිකට් තරගයකට සමාන ක‍්‍රියාකාරකම්වලද නිරතව තිබුණි.
එහිදී කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන් 28 දෙනෙකු කණ්ඩායම් හතරකට බෙදී කෑම්ප් හතරක ස්ථාගත වී තීන්ත පිරවූ තුවක්කුවලින් වෙඩි තබාගෙන තිබේ.
එහිදී එක් කෑම්බ් එකක කොඩිය ගලවා ගෙන ඒම ප‍්‍රතිවාදීන්ගේ අභියෝගයයි. එහිදී පුහුණුකරුවා සහ ක‍්‍රීඩකයන් අතර වෙනසක් නොතිබූ බවත් සැවොම එක ලෙස අදාළ ක‍්‍රියාකාරකමේ යෙදුන බවත් හතුරුසිංහ වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here