ක්‍රිකට් ලෝකයම පුදුම කළ බෙන් ස්ටොක්ස්ගේ සුපිරි උඩ පන්දුව (VIDEO)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී 30 වැනිදා පැවැති තරගයෙන් ලකුණු 104 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.

එහිදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 89 ක් රැස්කරමින්, කඩුලු 2 ක් දවාගනිමින්, උඩ පන්දු 2 ක් රැකගනිමින් සහ දුවද්දී දවාගැනීමකට දායක වෙමින් තරගයේ වීරයා බවට පත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 39.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. 

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළ අතර රාසි වැන්ඩර් ඩුසේන් පන්දු 61 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. කෙසේ වුවත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් ලබාගත්තේය. තරගයේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ ලකුණු නොලබා දැවී ගිය නමුත් ශතක සම්බන්ධතා දෙකකට දායක වූ ජේසන් රෝයි (54), ජෝ රූට් (51), නායක ඔයින් මෝගන් (57) සහ බෙන් ස්ටෝක්ස් (89) එංගලන්තය ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here