ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කථාවට අදට වසර 25යි- අගමැති කියයි

1996 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරයන් 25 වසරකට පසු ඇගයීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පධානත්වයෙන් අද (17 වැනිදා) අරලියගහ මන්දිරයේ පැවැත්වුණි. එහිදී අගමැතිවරයා කළ සමුපූර්න කථාව මෙසේය.
මිත්‍රවරුණි,
අතීතය වැදගත් වෙන්නේ වර්තමානය හදාගන්න. මට මතකයි එදා පිට්ටනියේ සෙල්ලම් කළේ නිකම්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙවෙයි. රට දිනවන්න ඕනෑ කියන හැඟීමෙන් යුතු තරුණ පිරිසක්. අපේ ජයග්‍රහණය එදා ආසියාවේ රටවලුත් සැලකුවේ තමන් ලබාගත් ජයග්‍රහණයක් හැටියට.
ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, එංගලන්තය ආදී රටවල් එදා අපේ රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරග වලට සෙල්ලම් කරන්න බැහැ කිව්වා. ලංකාවේ ඒ වෙලාවේ තිබුණ ත්‍රස්තවාදය, එදා කොළඹ බෝම්බ පිපිරීම වැනි කරුණු ලංකාවට නොඑන්න හේතු හැටියට කිව්වා. ඒක ඉදිරියට දාලා ලංකාව මඟඇරීම ගැන පුදුම යවන්න දේකුත් නැහැ.
අපේ ගුවන්තොටුපල වගේම අපේ වරායත් ලෝකයේ තියෙන අනාරක්ෂිතම ස්ථාන හැටියට කිහිප වතාවක්ම නම් කරලා තිබුණේ. එදා අයේ රටේ සංචාරය කරන අයට අනාරක්ෂිත ප්‍රදේශ පවා නම් කරලා තිබුණා. එබඳු තත්ත්වයක් යටතේ මම ඉහතින් සඳහන් කරපු රටවල් ලෝක කුසලානයට ලංකාවට එන්න බැහැයි කිව්වා.
මට මතකයි එදා අයේ හිටපු ක්‍රීඩා ඇමතිතුමා කිව්වා සංචාරක කණ්ඩායම් ලංකාවට එනවා නම්, ඒගොල්ලෝ නතර වෙලා ඉන්න කාමරය ඉස්සරහා ක්‍රීඩා ඇමති හැටියට මම නිදාගන්නම්, ඔබ ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් ගහන්න කියලා. ප්‍රසිද්ධියේ මාධ්‍යට එහෙම කිව්වත් ලංකාවේ ක්‍රිකට් ගහන්න එන්න එම රටවල් කැමති වුණේ නැහැ.
ඒ වෙලාවේ ඉන්දියාව, පාකිස්තානය ඇතුළු ආසියාතික රටවල් වලට තේරුණා ලංකාව දිනනවට තියෙන අකමැත්ත මේ නොපැමිණීමට එක හේතුවක් කියලා. එතකොට ඉන්දියාව පකිස්තානය ඇතුළු ආසියාතික රටවල් අපේ රටට තම සයහෝදරත්වයේ දෑත දිගු කළා. ඒ අය ලංකාවට ඇවිල්ලා ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගවල යෙදිලා අපිට ධෛර්යය දුන්නා.
අපි ලෝක කුසලානය දිනූ තරගය පැවැත්වුණේ පාකිස්තානයේ. ඒ වෙලාවේ පාකිස්තානය අපිට දුන්න චියර් එක අනුව අපිට පේනවා ඒක ආසියාවේ ජයග්‍රහානයක් හැටියටයි ඒ අය සැළකුව්. එදා තමයි ලංකාවේ ජාතික ධජය ඔසවායෙන වෙනත් රටවල්වල අය ජය කෙහෙලි නංවපු දවස.
මිත්‍රවරුණි,
ඒ විතරක් නොවෙයි මට මතකයි මුරලිදරන් වැනි දක්ෂ දඟ පන්දු යවන්නන්ව පිටියෙන් ඉවත් කරන්න ලොකු උත්සහයක් තිබුණා. ඉතාම අසාධාරණ තීන්දු අපේ ක්‍රීඩකයාට විරුද්ධව දුන්නා. නමුත්, ඒ වෙලාවේ හිටපු නායකත්වය මුරලිදරන්ව රැකගන්න ලොකු සේවයක් කළා. මේවා නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම හැඟීම ඉතාම ඉහළ ගියා. ඒ සිද්ධීන් අද ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙක් වෙන්න මුරලිට බලපාපු බව මම විශ්වාස කරනවා.
අපේ ලෝක කුසලාන තරාගාවලිය ගැන අහපු එක කතාවක් මට මතක් වෙනවා. 1996 ලෝක කුසලාන තරාගවෙලියේ, ශ්‍රී ලංකා-ඉන්දියා අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ක්‍රීඩාංගණයක. තරාවලියේ අවසන් භාගය කිට්ටු වෙනකොට ඉන්දියානු ක්‍රීඩාලෝලීන් කලබල වෙලා ක්‍රීඩාපිටියට දිගටම ගල්, බෝතල් එවන්න පටන් ගත්තා. ඒ දර්ශන එවලේ මුළු ලෝකයම දැක්කා. ඒ වෙලාවේ ක්‍රීඩාපිටියේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියේ කණ්ඩායයේ උපනායක අරවින්ද ද සිල්වා. අපේ අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන ගිහිල්ලා හතරේ සීමාවේ හිටපු අරවින්දට කිව්වලු අරවින්ද ඇතුළට යන්න, මම හතරේ සීමාවේ සෙල්ලම් කරනනම්, ගල්-වැලි-බෝතල් වැදුණොත් අවසන් තරගය සෙල්ලම් කරන්න ඔයාට බැරි වෙනවා. එහෙම වුණොත් අපි අමාරුවේ වැටෙනවා කියලා. තමන්ගේ ජීවිතය කැපකරන්න තරම් රට ගැන විශාල හැඟීමක් ඒ වෙලාවේ කණ්ඩායමට තිබුණ බව මම කියන්න ඕන. ඒ නිසා මේක මනුෂයත්වයේ කථාවක්.
මිත්‍රවරුණි,
මට මතකයි ලෝක කුසලානය දිනාගෙන අපේ කණ්ඩායම ලංකාවට ආව දවස. එදා තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති ධූරය දැරූ අපේ ආණ්ඩුවක්. අර්ජුන රණතුංගේ පියා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියටත් හිටියා. නමුත්, අර්ුන රණතුංග ලෝක කුසලානය අරයෙන ගියේ එල්.ටී.ටී.ඊ. මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වුණු ගාමිණි දිසානායක මහත්තයාගේ ගෙදරට.
එයහම යන්න හේතු වුණේ ලෝක කුසලානය දිනාගන්න ගාමිණී දිසානායක මහත්තයාගේ පාලන කාලයේ දාපු පදනමට ගෞරවයක් වශයෙන්. ඒ නිසා අද අපි මේ සමරන්නේ මනුෂයත්වයේ කථාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කථාවට වසර 25ක් පිරෙන්නෙ අද. එදා ක්‍රිකට් ගහපු ප්‍රවීණයන්ගේ (යලජන්සේ-ඛෑඨෑභෘී) ක්‍රිකට් තරග මේ දිනවල පැවැත්වෙනවා.
ඒ අය පිට පිට ජයග්‍රහණය කරන බවත් පේනවා. ඒ ජයග්‍රහණයේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම්වත්, මුදල්වත් නෙවෙයි. අතීතයේ විනයානුකූලව ක්‍රීඩා කිරිමෙන් ලබාගත් පුහුණුව. අතීතයේ ක්‍රීඩකයන් සතුව තිබුණු සාමුහිකත්ව හැඟීම. ඒ සාමූහිකත්වය නිසා තමයි ඒ අය ලෙජන්ඩ්ස්ලා වෙලා තියන්නේ. ඒකෙන් තමයි අපිට ලෝක කුසලානය ගේන්න පුළුවන්කම ලැබුණේ.
මිත්‍රවරුණි,
අපිට අතීතය තියෙන්න වර්තමානය හොඳින් ඉගෙනන ගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රිඩාව යොඩනො ඉන්න ඉහාඳම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භාය සම්පන්න තත්ත්වයයන් මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අතීතයේ තිබුණ සාමූහික හැඟීම, මනුෂයත්වයේ කථාව වර්තමානයට ගෙනායවොත් අපිට නැවත වතාවක් ඒ වයේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි!

96 නිල ජර්සියට සමාන ජර්සියක් අගමැතිවරයාට පිළිගන්වමින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here