ක්‍රිකට් පන්දු ඔපදැමීමට කෙළ වෙනුවට නව නිපැයුමක් – (කොරොනාවෙන් බේරෙන්න නව උපායක්)

ක්‍රිකට් ක්‍රීඩකයන් (විශේෂයෙන් වේගපන්දු යවන්නන්) තරග අතරතුරදී පන්දුව ඔපදැමීම සඳහා සිය කෙළ යොදාගැනීම නතර කිරීම උදෙසා ඕස්ටේ්‍රලියාවේ කුකබුරා ආයතනය නව ඉටි (වැක්ස්) වර්ගයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව විදේස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කොරෝනා වැනි වෛරස් කෙල මගින් ආසාදනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් එම ආයතනය එම පියවර ගෙන ඇත. මේ වනවිට එම ආයතනය එම කාර්යය ආරම්භ කර ඇති අතර, මාසයක් ඇතුළත එය අවසන් කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.

මෙය ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සාක්කුවේ ප්‍රමාණයට සරිලන කුඩා ස්පොන්ඞ් එකක් වනු ඇතැයි ද කුකබුරා ආයතනය පැවසීය. ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය දැනටමත් එරට දී කෙළ සහ දහදිය අදාළ කාර්යය සඳහා යොදාගැනීම සීමාකොට ඇත.

මෙ වනවිට සියලුම අන්තර්ජාතික සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා භාවිතා කරනුයේ කුකබුරා පන්දුවයි. ටෙස්ට් තරග සඳහා එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්ව සහ අයර්ලන්තය ඩියුක්ස් පන්දුව යොදාගන්නා අතර, ඉන්දියාව ඒ සඳහා යොදාගන්නේ එස්. ජී. පන්දුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here