ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් මැරතන් ධාවන පථයට..

උද්ගත වෛරස තත්ත්ව හමුවේ එංගලන්තයේ පුණ්‍යායතන දෙකක් සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් එරටේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අර්ධ මැරතන් තරගයකට සහභාගි වී තිබේ. මෙමගින් උපයන මුදල් එරටේ එන්.එච්. එස්. පුණ්‍යායතනයට සහ ජාතික ළමා ක්‍රිකට් ආයතනය වන ‘චාන්ස් ටු ෂයින්’ පුණ්‍යායතනය වෙත ලබා දීම ස්ටෝක්ස්ගේ අදහස විය.

ඉකුත් වසරේ පැවැති එක්දින ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට ලබාදීම වෙනුවෙන් විශාල සේවයක් කළ 28 හැවිරිදි ස්ටෝක්ස් මෙහිදී පැයක් සහ මිනිත්තු 39ක කාලයක් ධාවනයේ යෙදෙමින් එංගලන්තයේ ඊසාන දිග පිහිටි සිය නිවස අසලින් තරගය නිමකර ඇත.

ධාවන තරගය අවසන් කිරීමෙන් පසුව සමාජ මාධ්‍යයක් ඔස්සේ මුදාහරින ලද වීඩියෝවක් මගින්ස්ටෝ ක්ස් කියා තිබෙන්නේ, මෙය අපහසු කාර්යයක් බවත්, හැකි නම් ඔබත් මේ සඳහා දායක වන ලෙසත්ය.

ස්ටොක්ස්ගේ මෙම උත්සාහය අගය කරන බැව් පවසන ‘චාන්ස් ටු ෂයින්’ පුණ්‍යායතනයේ ප්‍රධාන විධායක නිලධාරීනී ලෝරා කොඩින්ග්ලි “මෙවැනි අවස්ථාවක බෙන් ස්ටෝක්ස් අපට සහය දැක්වීමට තීරණය කිරීම ඇත්තෙන්ම පුදුම සහගතයි. මට විශ්වාසයි ඔහුට මේ වෙනුවෙන් විශාල මුදලක් රැස් කිරීමට හැකි බව”යි යනුවෙන් කියා තිබේ.

මෙම අර්ධ මැරතන් තරගය සඳහා ස්ටොක්ස්ට අමතරව ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක්ද සහභාගි වී තිබීම සුවිශේෂී කාරණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here