ක්‍රිකට් ආයතනය අසන්ත ද මෙල්ව තවදුරටත් තනතුරේ තබාගනී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා තවදුරටත් එම තනතුරේ තබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය මාස 8ක කාලය තුළ හා ලෝක කුසලාන තරගාවලිය තුළ කළමනාකරුවාගේ වගකීමද දරමින් සිදුකළ විශිෂ්ට මෙහෙවර හේතුවෙන් ඔහුව තවදුරටත් එම තනතුරේ තබාගැනීමට පියවර ගෙන ඇත.

ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයන් තේරීමේදී යම් යම් ක්‍රීඩකයන්ට අසාධාරණයක් වූ බවට ඇතැමුන් චෝදනා කරද්දී, ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාගැනනු ඇතැම් ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයන් නිසා බැනුම් අසන්නට වුයේද ඔවුන්ව තෝරාගත් මෙල් මහතා ප්‍රමුඛ කණ්ඩායමටය.

සමාජකයන් සිව්දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ එක් වෙනස්කමක් පමණක් ඉදිරීයේදී සිදුකිරීමට නියමත බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here