කල්ගිය සාග්-2019 තරගාවලිය දෙසැම්බරයේදී

මෙම වසරේ මාර්තු මස 9-19 දක්වා පැවැත්වීමට නියමිත වූ සාග් තරගාවලිය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලය විසින් දෙසැම්බර් මස 1-10 දක්වා කල්දමනු ලැබුවා.

මෙම වසරේ නේපාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන සාග් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 13 වැනි වරටයි.

මෙහි සමාරම්භක උත්සවය දෙසැම්බර් මස 1 වැනිදා කත්මණ්ඩු නුවර දශරත් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික ප්‍රමාණයක් මෙවර තරගාවලියට සහභාගිවීමට නියමිත වන අතර මෙයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නේපාලය බලා පිටත් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here