කමාන්ඩෝ සුපර්ක්‍රොස් කුඩාඔයදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයන්ගෙ සංගමය එක්ව සිව්වන වරට සංවිධානය කරනු ලබන “කමාන්ඩෝ සුපර්ක්‍රොස් – 2019” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය ඌව කුඩා ඔය ධාවන පථයේදී අගෝස්තු 4වැනිදා පැවැත්වෙන බව මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ අද (18) පැවති මාධ්‍ය හමුවේදීය.

යතුරුපැදි හා මොටර් රථ තරග ඉසව් 12 බැගින් පැවැත්වෙන තරගාවලියට ප්‍රමුඛ පෙළේ ධාවකයන් හා රියදුරන් පැමිණෙනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ පළලින් වැඩිම ධාවන පථය වන මෙහි මෝටර් රථ ධාවන පථය මීටර් 1850ක දුරකින්ද, යතුරුපැදි ධාවන පථය මීටර් 1750 දුරකින්ද සමන්විතය.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණු පාසල් කඳවුරු ධාවන පථයේ තරගාවලිය පැවැත්වෙන බැවින් ධාවකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබාදිය හැකිබවද, ඒ නිසා සැකයකන් තොරව තරගාවලිය නැරඹීමට පැමිණෙන ලෙසත් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here