කමල් ධර්මසිරිට සහ සේනක අඟුලුගහටත් එංගලන්තයේ සවාරියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන සේවකයන් දෙදෙනෙකු වන කමල් ධර්මසිරිට සහ සේනක අඟුලුගහටත් එංගලන්තයේ සවාරියක් ලබාදීමට වත්මන් පරිපාලනය කටයුතු කර ඇතැයි ‘ස්පෝර්ට් ටුඩේ’ ක්‍රීඩා වෙබ් අඩවියට වාර්තා වේ. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන නිලදාරින්ට එහි ප්‍රතිපාදන යොදාගනිමින් සංචාරවල යෙදීම තහනම් කර තිබේ. එසේ තිබියදී මෙය සිදුකර ඇත්තේ නීතිවිරෝධීව බව එහි සේවකයෝ චෝදනා කර සිටියහ.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ සමීපතම පුද්ගලයන් වීම හේතුවෙන් ඔවුනට මෙම සංචාර හිමිව ඇතැයි හෙලිවේ. මොවුන් එංගලන්ත සංචාරයට එක්ව සිටිනුයේ පන්දු යැවීමේ උපකරණ සම්බන්ධයෙන් තොරතුරු එක් රැස් කිරීමට යැයි අනාවරණය වන අතර, එහෙත් ක්‍රිකට් බලදාරියෙකු සඳහන් කලේ මෙය ඔවුන්ගේ පෞද්ගලික සංචාරයක් බවයි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනා සඳහා මේ වනවිටත් ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here