කණ්ඩායම දැන් නිසි මගට යොමුවී තිබෙනවා – මහේල ජයවර්ධන

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්තය අතර පැවති එක්දින තරග දෙකේදී ක්‍රීඩකයන්ගේ පුද්ගලික දක්ෂතාවයන් සෑහෙන තරම් ඉදිරියට පැමිණ තිබු බවත්, ශ්‍රී ලංකාව ඍණත්මක දේවාල්වලට වඩා ධනාත්මක දේවල් එම තරග දෙකේදී ලබාගත් බවත් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවූ මහේල ජයවර්ධන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර තිබුණේ සිය නිල ටුවිටර් ගිණුමේ සටහනක් යොදමිනි.

පළමු එක්දින තරගයේදී කුසල් ජනිත් පෙරේරා සහ දෙවැනි තරගයේදී තිසර පෙරේරා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කල බවද ඔහු සඳහන් කරයි. එහෙත් එම තරග දෙකේදීම කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය කරා ලගාවීමට නොහැකි වූ බවත්, තවදුරටත් වර්ධනය කරගත යුතු දේවල් තිබුනත් කණ්ඩායම නිසි මාර්ගයට යොමුවී ඇති බව දැකගටැහැ හැකි වූ බවද මහේල සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here