කට වහගෙන ඉන්න බැරිම තැන රන්ජන් මඩුගල්ලේ ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වල පවතින වත්මන් අර්බුධයෙන් ගොඩ ඒමට ක්‍රමයක් යෝජනා කර තිබේ.

ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, ලහිරු තිරිමාන්න හා චාමර කපුගෙදර වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන් එකට එකතුකරගෙන මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යොමුවන්නේ නම් ලෝක කුසලානය දිනාගැනීම එතරම් අසීරු නොවන බව ඒ මහතා පෙන්වා දේ.

තවද ලෝක කුසලානයක් අත ලග තබාගෙන නවකයන් රැසක් අත්හදාබැලීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බව පෙන්වාදෙන ඒ මහතා සඳහන් කරන්නේ ඒ වෙනුවට කළයුතු වන්නේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ගෙන්ගේ විස්වාසය තහවුරු කිරීම බවය.

මඩුගල්ලේ මහතා පවසන දේ අපට තේරුනද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට නොතේරීම රටේම අවාසනාවකි. අවසන් මොහොතෙිදී හෝ ඔහුගේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වූ මෙරට ප්‍රේක්ෂකයා යළි ක්‍රීඩාව වෙත කැඳවාගැනීම නම් අපහසු නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here