ඕස්ට්‍රේලියාව අඛණ්ඩව 8වැනි වරටත් පාකිස්තානය පරාජය කරයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 17 වැනි තරගය ලෙස ඊයේ (12) පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඒ සමගින් පාකිස්තානයට එරෙහිව ඔවුන් අථණ්ඩව ලැබූ 8වැනි ජය ද වාර්තාවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කිරීම පිළිබඳව පාකිස්තානු නායකයාගේ තීරණය ගැන බොහෝ විචාරකයන් විමතියට පත්ව තිබිණි.

ඕස්ට්‍රේලියානුවන් සියලුදෙනා දැවී ලකුණු 307ක් ලබගෙත්තේ පන්දුවාර 49කදීය. එහිදී අරම්භක පිතිකරු යුගලය වඩා සාර්ථක වූ අතර, ඩේවිඩ් වොනර්ගේ පිත්තෙන් ලකුණු 107ක් වාර්තා විය. එය පාකිස්තානයට එරෙහිව අඛණ්ඩව ඔහු ලැබූ තෙවන ශතකය බවටද පත්විය. එය ඔහුව තරගයේ වීරයා බවට පත්කිරීමට ද ප්‍රමාණවත් විය. ඊට අමතරව නායක ආරෝන් ප්‍රින්ච් ලකුණු 82ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණු 30කට කඩුලු 5ක් බිඳහෙලූ අතර ෂහීන් අෆ්‍රිඩි ලකුණු 70කට කඩුලු 2ක් බිඳහෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 45.4කදී සියලුදෙනාම දැවී ලබාගතහැකී වූයේ ලකුණු 266ක් පමණි. එහිදී ඉමාම් උල් හක් ලකුණු 53කින් හා මොහොමඩ හෆීස් ලකුණු 46කින් ලකුණු පුවරුව ශක්තිමත් කළහ.

පන්දු යැවීමේදී පැට් කමිනස් ලකුණු 33කට කඩුලු 3ක් සහ මිචෙල් ස්ටාක් ලකුණු 43කට කඩුලු 2ක් ලබාගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here