ඕස්ට්‍රේලියානු සංචිතයට ඉන්දියාවෙන් ප්‍රබල පිළිතුරක්

එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන්වූ ඕස්ට්‍රේලියානු සංචිතය අද (15) උදෑසන ඔවුන් විසින් නම් කරනු ලැබීමෙන් අනතුරුව, ඊට පැය කිහිපයකට පසු ඉන්දියානුවන්ද සිය ලෝක කුසලාන සංචිතය නම් කිර තිබුනේ ඕස්ට්‍රේලියාවට නොදෙවෙනි සංචිතයක් ඉදිරිපත් කරමිනි.

මෙවර ලෝක කුසලානය දිනාගත හැකි කණ්ඩායම් අතර මෙම කණ්ඩායම් දෙකම ඉදිරියෙන් පසුවන බැවින් බොහෝ රටවල් වල අවධානය එම සංචිත දෙක කෙරෙහි යොමුව ඇත. එම නිසාවෙන්ම ඕස්ට්‍රේලියානුවන් විසින් ප්‍රබල සංචිතයක් ඉදිරිපත් කිරීම පිළිබඳව සෙසු රටවල විචාරකයන් විවිධ මත පළකිරීමත් සමගම ඊට පැය කිහිපයකට පසු ඉන්දියාවද සිය සංචිතය ඉදිරිපත් කරනු ලැබුවේ එම මත අභියෝගයට ලක්කරමිනි.


ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය වත්මන් නායක විරාත් කෝලිටම හිමිව තිබේ. කඩුලු රැකීමේ වගකීම හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට හිමිව ඇති අතර, සංචිතයට නම්කොට ඇති දිනේෂ් කාර්තික්ද දක්ෂ කඩුලු රකින්නෙකි. ආරම්භක පිතිකරුවන් ලෙස රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් නම් කර ඇත.

පසුගිය වසරේ ඉන්දියාව වෙනුවෙන් දක්ෂතා දැක්වූ රිෂාඩ් පාන්ට් හා අම්බති රයිදුට එම සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට නොහැකිවීම කැපී පෙනෙන සිදුවීමකි. මීට අමතරව රවිචන්ද්‍ර අශ්වින්ටද සිය ස්ථානය අහිමිව තිබේ.

ඉන්දීය සංචිතය
විරාත් කෝලි (නායක)
රෝහිත් ෂර්මා
ෂිකර් ධවාන්
ලෝකේෂ් රාහුල්
එම්.එස්. දෝනි (කඩුලු රකින්නා)
කේඩර් ජාඩව්
හාර්ඩික් පාන්ඩ්‍යයා
විජේ ශංකර්
කුල්දීප් යාදව්
යුස්වේන්ද්‍ර චාහල්
ජස්ප්‍රින්ට් බූම්රා
බුවනේෂ්වර් කුමාර්
මොහොමඩ් ෂමී
රවීන්ද්‍ර ජඩේජා
දිනේෂ් කාර්තික් (කඩුලු රකින්නා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here