ඕෂද හා ලහිරු ලංකාවේ ගෞරවය බේරා ගනිති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කරගයේ කෙවැනි දිනය වූ ඊයේ (23) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 255ක් ලබාගෙන සිටියි. ඒ අනුව ප්‍රතිවාදීන්ට වඩා ශ්‍රී ලංකාව ලකුණු 153ක් ඉදිරියෙන් සිටියි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 169ක් ලබාගත් අතර, ඊට පිළිතුරු වශයෙන් කොදෙවෝ සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුනු 271ක් ලබාගත්හ. පළමු ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 47කට කඩුලු 5ක් බිඳ හෙලීය.
දෙවැනි ඉනිමේ දී ශ්‍රී ංකා කන්ඩායමේ ගෞරවය ආරක්ෂා කළ ඕෂද ප්‍රනාන්දු ශතකය අභියසදී ලකුනු 91කට දැවී ගිය අතර, ලහිරු තිරිමාන්න ලකුණු 71ක් ලබාගත්තේය. මේ වනවිට පිටියේ නොදැවී රැදී සිටින ධනංජය සිල්වා ලකුණු 46ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 21ක් ලබාගෙන සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here