ඓතිහාසික පරාජයේ අවමානයෙන් ගැලවිමට කුසල් කළ යුත්තේ මොනවාද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (25) බංග්ලාදේශයේ මීර්පූර්හිදි ශ්‍රෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයතය.

මෙම තරගය දෙපිලේම ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියැවීමට සමත්විය හැකි තරගයක් විය හැකි බැවින් දෙපිලටම මෙය ඉතා තීරණාත්මකය. ඊට හේතුව දෙරට අතර පැවති කිසිම එක්දින තරගාවලියක් මේ වනකුරු ශ්‍රී ලංකා කණ්ඩායම ජරාජය වී නොතිබීමය. යම් හෙයකින් මෙම තරගය ජයගෙන එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට ප්‍රතිවාදීන් සමත්වුවහොත් එය බංග්ලාදේශයේ වත්මන් සාර්ථකත්වය කදිමට පෙන්නුම් කරන්නක් වනු නොවනුමානය.

කුසල් ජනිත් පෙරේරා නායකයකු ලෙස මුහුණදෙන පළමු තරගාවලිය මෙයයි. එනිසාම ඔහුට ඇති පීඩනය ද ඉමහත්ය. එමෙන්ම නිරන්තරයෙන් ප්‍රේකෂකයන්ගෙන් බැනුම් අසන වත්මන් උපනායක කුසල් මෙන්ඩිස්ට ඇති පීඩනය හා වගකීම ද අපට අමතක කළ නොහැකිය. මේ හේතුවෙන් කුසල්ලා දෙදෙනොටම වෙනදා තරම් නිදහසේ ක්‍රීඩා කළ නොහැකිය. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගෙන් දිගු සහ වේගවත් ඉනිමක් නායකයා සහ පුහුණුකරු අපේක්ෂා කරනු නියතය. ඊට ප්‍රධානතම හේතුව වන්නේ මෙම කන්ඩායම් දෙක අතර පැවැති තරග වලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇති පිතිකරුවා ධනුෂ්ක වීමය. ඔහු තරග 6කදී ලකුණු 355ක් ලබාගෙන ඇත්තේ 96.73 ප්‍රහාරාත්මක වේගයක් ද රදද්‍වා ගනිමිනි.

නවක ක්‍රීඩක පැතුම් නිංශ්ශංක ටද පීඩනය මැද තරගයක් ක්‍රීඩා කරන්නේ කෙසේදැයි කලබල නොවී ක්‍රීඩා කරන්නෙ නම් මෙහිදි ඉගෙනගත හැකි වනු ඇත. එසේ වුවුහොත් එය ශ්‍රී ලංකාවට අමතර වාසියක් වනු ඇත. නවක ක්‍රීඩක අශේන් බංඩාරට ද පිත්තෙන් යමක් කළ හැකි බව පෙර තරගාවලියේදී ඔහු පෙන්නුම් කළේය. එනිසා ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඔහු සතුය.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද පළමු තරගයේ යොදාගෙන තිබුනේ විශේෂඥ පිතිකරුවකු ලෙස පමණි. ශ්‍රී ලංකා නායකයා එම තරගයේදී පන්දුයවන්නන් හය දෙනකු උපයෝගි කරගෙන තිබුනද දසුන් එක් පන්දුවාරයක් හෝ යැවීමට කැඳවූයේ නැත. අවශ්‍ය විටෙක පන්දුවාර 5-6 යැවීමේ හැකියාව ඔහුට ඇත.

මෙරට වත්මන් බලාපොරොත්තුව බවට පත්ව ඇති වනිදු හසරංග පමණක් සිය උපරිමය පන්දුවෙන් හා පිත්තෙන් කන්ඩායමට ලබාදෙන්නේ පළපුරුදු ක්‍රීඩකයකු පරිද්දෙනි. පෙර තරගයේදී ද ඔහු තමා මුහුණදුන් අවසන් පන්දුව දක්වාම ප්‍රතිවාදීන්ට හිසරදයක් බවට පත්වූයේ තමාගේ තරම ඉතා හොඳින් පෙන්නුම් කරමිනි.

ඉසුරු උදානට ද මීට වඩා යමක් පිත්තතෙන් කළ හැකි බව අපි දනිමු. එහෙත් ඒ ඊට පෙර අනවශ්‍ය පීඩනයක් රඳවා ගැනීම එහු අත්හළ යුතුය එසේ නොවුනහොතක් ඔහුට සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීරන විය නොහැකිය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව අතීතයේ මෙන්ම දඟ ප්නදු යවන්නන් මත යැපෙන බව පෙනේ. ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනාට අමතරව ධනංනජය සිල්වාට ද පළමු තරගයේදී පන්දුවාර 10 යැවීමට සිදුවූයේ එනිසාය. තරගය ක්‍රියාත්මක අතරවාරයේදී තණතීරූව දඟපන්දුවට වාසිදායක බව නායකයාට හැඟෙ නම් ධනුෂ්ක ගුණතිලකට වුව පන්දුවාර 4–5ක් යැවීමට පන්දුව භාරදීමේ වරදක් අපි නොදකිමු.

ඒ අනුව දෙවැනි එකදින තරගය ජයගෙන ඓතිහසික පාරාජයක අවමානයෙන් බේරීමට ශ්‍රී ලංකාවට හැකිවේවායි sportstoday.lk අපි ප්‍රාර්ථනා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here