එෆ්. ඒ. කුසලානය අඛණ්ඩව තෙවන වරටත් යුද හමුදාවට

එෆ්. ඒ. කුසලාන අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 4-2ක් වශයෙන් පරාජයට පත් කරමින් අඛණ්ඩව තෙවන වතාවටත් එම කුසලානය තමන් සතුකරගැනීමට යුද හමුදා කණ්ඩායම පසුගියදා (01) සමත්විය. තරගය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රත්නම් කණ්ඩායම 2004, 2005 හා 2006 යන වසර වලදී අඛණ්ඩව තෙවරක් මෙම ශුරතාවය දිනාගැනීමෙන් අනතුරුව එවන් දස්කමක් දැක්වූ පළමු කණ්ඩායම බවට යු හමුදාව පත්විය. මේ සමගම යුද හමුදාව එෆ්. ඒ. කුසාලනය දින ඇති සම්පුර්ණ වාර ගණන 7ක් දක්වා ඉහළ ගියේය.

තරගාවලියේ හොඳම දැල් රකින්නට හිමි “රන් දෑත” සම්මානය හිමිවුයේ යුද හමුදාවේ මොහොමඩ් ලුතිෆ්ටය. හොඳම ක්‍රියාශීලි ක්‍රීඩකයාට හිමි “රන් පන්දුව” සම්මානය හිමිවුයේ යුද හමුදාවේම සම්මාන බණ්ඩාර වරකාගොඩටය.

ඡායාරුපය – Sri lanka Sports

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here